මහනුවර මහා නගර සභාව



ගරු නගරාධිපතිතුමාගේ පණිවිඩය

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බදු ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින මෙම අති පූජනීය සෙංකඩගල පුරවරයේ උත්තරීතර සභාව හැටියට මහනුවර මහා නගර සභාව හැදින්වේ.  ශ්‍රී ලංකාවේ තිබෙන සෙසු පළාත් පාලන ආයතනවලට වඩා සාඩම්බරනීය ඉතිහාසයක් හිමි මෙම මහා නගර සභාවට වසර 150 කට වැඩි ප්‍රෞඩ ඉතිහාසයක්ද ඇත.  මෙහි ඵෙතිහාසික වටිනාකම රදා පවතින්නේ ශ්‍රී දළදා මාළිගාවත්. ශාන්ත පාවුළු දේවස්ථානයත්, මීරාමක්කම් මුස්ලිම් පල්ලියත්, ශ්‍රී විනයාගර් පුල්ලියාර් කෝවිලත් පිහිටා තිබෙන නිසාය.  මෙම සිද්ධස්ථානවලින් මෙහි ජීවත් වන සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, බර්ගර් යන විවිධ ජාතීන්ගේ සමගිය මනාවට ලොවට පෙන්නුම් කරයි.

මහනුවර නගරය අපගේ අවසන් රාජධානිය වශයෙන්ද ශත වර්ෂ ගණනාවක සිට අද දක්වාත් අඛණ්ඩව පැවත එන සංස්කෘතිකමය ලක්ෂණ වලින් පරිපූර්ණ වූ නිසා ලොව එකම සජිවි ලෝක උරුම නගරය ලෙසින්ද 1988 වසරේ යුනෙස්කෝ සංවිධානය මගින් පිදුම් ලැබූ නගරයකි.

මිනිසාගේ උත්පත්තියේ සිට මරණය මංචකය දක්වා විශාල කාර්යභාරයක් මෙම මහා නගර සභාව විසින් ඉටු කරනු ලබන අතර මෙහි ජීවත්වන ජනතාවට අවශ්‍ය මාතෘදාරක මධ්‍යස්ථාන, පෙර පාසල්, ප්‍රජා මණ්ඩල, කියවීම් ශාලා, ක්‍රිඩා පිටි මෙන්ම මහජනාධාර ලබාදෙන ආයතනද පවතින අතර එම ආයතනවලින් මෙහි ජීවත් වන ජනතාවට විශාල සේවාවක් ඉටු කරනු ලබයි.

දිනෙන් දින වැඩි වන ජනගහණයට සාපේක්ෂව ඔවුන් උදෙසා සැපයිය යුතු සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යමින්, ජීවත්වීමට වඩාත්ම සුදුසු නගරයක් ලෙසත්, පාරම්පරික සංස්කෘතික ලක්ෂණ ආරක්ෂා කරගනිමින් ඉදිරියට පවත්වාගෙන යාමට උරදීමත් මහනුවර මහා නගර සභාවේ පුරපතිවරයා ලෙස ඇති භාරදූර වගකීම හා ඉතා දැඩිව සිත්හි ධාරනය කර සිටිමි.

තවද සෞම්‍ය දේශගුණයක් මෙන්ම මනස්කාන්ත පරිසරයකින් හෙබි මෙම නගරය තුළට පැමිණෙන මෙන්ම මෙහි ජීවත්වන ජනතාවටද ඉදිරියේදී මීඨ වඩා ආකර්ශනීය සේවයක් කිරීම අපගේ වගකීම වන අතර, ඒ සදහා තැබූ එක් පියවරක් වශයෙන් වෙබ් අඩවිය දියත් කිරීමට හැකිවීම සතුටට කරුණකි.  පවත්නා නීතිමට රාමුව තුළ මහජනතාව වෙත ලබාදිය හැකි සියළුම සේවා හා පහසුකම් උපරිමව ලබාදීමට මා ඇතුළු නියෝජ්‍ය නගරාධිපතිතුමා හා නාගරික මන්;%s මණ්ඩලය හා නාගරික කොමසාරිස්තුමා ඇතුළු නාගරික නිලධාරි මණ්ඩලය උපරිමයෙන් කැපවී ක්‍රියා කරන බව ඔබ වෙත ප්‍රකාශ කරන අතර මහනුවර නගරය ඔබ අප සැමගේ මාතෘත්වයෙහිලා සලකා එය සුරැකීම හා නව සංවර්ධන කටයුතු වලදී ඔබ සියළු දෙනාගේ සහයෝගය ඉදිරියටත් වඩාත්ම අපේක්ෂා කරමි.

කේසර ඩී. සේනානායක,
මහනුවර මහා නගරාධිපති