මහනුවර මහා නගර සභාව



අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව සතු කාර්යයන්

 

  • නාගරිකයේ අභ්‍යන්තර පාලන ක්‍රම අධ්‍යයනය කර මුල්‍ය සහ භෞතික සම්පත් අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට අවශ්‍ය උපදෙස් ලබාදීම.
  • නාගරිකය සතු සම්පත් කාර්යක්ෂමව, නීත්‍යානුකූලව, අප්‍රමාදව සහ ඵලදායි ලෙස හැසිරවීම.
  • අභ්‍යන්තර සෝදිසි ක්‍රම උපයෝගී කරගැනීම සහ නිරන්තර ස්වාධීන සුපරීක්ෂණය.
  • අනාවරණය වන වැරදි සහ වංචා පිලිබඳ කළමනාකාරිත්වයට වාර්තා කිරීම.
  • විවිධ දෙපාර්තමේන්තු/අංශ සහ උපකාර්යාල යනාදියෙහි අභ්‍යන්තර වැඩපිළිවෙළවල් ක්‍රමවත් කිරීම සම්බන්ධයෙන් ක්‍රමවේදයන් හඳුන්වාදීම.
  • පැමිණිලි/පෙත්සම් වලට අදාලව පරීක්ෂාවන් සිදු කිරීම සහ අදාළ වාර්තාවන් සැකසීම.
  • දෛනික ක්ෂේත්‍ර පරීක්ෂණ සහ මාසික විගණන පරීක්ෂණ සිදු කිරීම මගින් නගර සභාවේ දෙපාර්තමේන්තු, අංශ, උප කාර්යාල ආදියෙහි මෙන්ම සමස්ථ ක්‍රියාවලියන් සම්බන්ධයෙන් සමීප අධීක්ෂණයන් සිදු කර අඩුපාඩු අවම කරගැනීමට සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම.